Return Policy

within 7 days

All Products Could be Accepted within 7 days with manufacture failure
Some Items have their own Warranty Period such as 1 year, 2 years or 3 years, However the Goods once sold are not returnable.

 
1.  කී බෝඩ්,මව්ස්,ස්පීකර්,වූපර්,පවර් ඇඩප්ටර්,ටෝනර්,ඉන්ක් කාටිරිජ්,රිබන් කාටිරිජ් යනාදී උපාංග     සඳහා වගකීම් ආවරණය හිමි නොවේ.                                                          
2.  නිෂ්පාදන දෝෂ සඳහා පමණක් වගකීම් ආවරණය හිමි වන අතර
අකුණු සැර,විදුලි සැපයුම් දෝෂ,ස්වභාවික අපදා,අනතුරු,උපකරණ වැරදි ලෙස පරිහරණය කිරීම   හා සවි කිරීම,වගකීම් මුද්‍රා පලුදු වීම්,නිල නොලත් පුද්ගලයින් විසින් අලුත්වැඩියා කිරීම හා උපාංග සවිකිරීම,සතුන්ගෙන් සිදුවන හානි,උපාංග මතුපිට පළුදු වීම්,යනාදී අවස්ථා වලදී වගකීම් ආවරණය හිමි නොවේ.වගකීම් ආවරණය අවලංගු වී ඇති අවස්ථාවන්හිදී සිදු කරන අලුත්වැඩියා කිරීමක් හෝ නව උපාංග ලබාදීමක් හෝ නව උපාංග සවිකිරීමකදී ඒ සඳහා අදාල ගාස්තු අය කරනු ලැබේ.
3.  වගකීම් ආවරණය අවලංගු වන අවස්ථා
(විශේෂයෙන් මවු පුවරු,මතක චිප,දෘඩ තැටි,ග්‍රැෆික් කාඩ්,බල සැපයුම්,සවිකරන අනෙකුත් කාඩ් වර්ග සහ ඒ හා සමාන වන උපකරණ හා උපාංග යනාදී වල)
a)    ඉලෙක්ට්‍රොනික උපාංග හෝ ඉලෙක්ට්‍රොනික කොටස් හෝ තඹ පරිපථ හෝ තඹ කොටස්
                 I.      දැවී යාම් හෝ පළුදු වීම් හෝ පිපිරීම්
                II.      දුර්වර්ණ වීම් හෝ අධික රත්වීමෙන් සිදුවන හානි
              III.      ඉලෙක්ට්‍රොනික උපාංග හෝ ඉලෙක්ට්‍රොනික කොටස් ගැලවී ඇති අවස්ථාවන්
                IV.      ස්වභාවික තත්වයන් හෝ වෙනත් තත්වයන් හේතුකොටගෙන සිදුවන මල බැඳීම් හෝ ඔක්සයිඩ බැඳීම්
                 V.      සම්බන්දිත අග්‍ර හෝ තුඩු හෝ කූරු නැවීම් හෝ පළුදු වීම් හෝ දැවීයාම්
b)    බිම වැටීමෙන් සිදුවන අභ්‍යන්තර හෝ භාහිර හානි
c)    භාහිර ආවරණය පලුදු වී ඇති අවස්ථාවන්හිදී
d)    කෘමින්ගෙන් හෝ සතුන්ගෙන් සිදු වන හෝ පිළිස්සුම් සලකුණු ඇති අවස්ථාවන්හිදී
e)    වගකීම් මුද්‍රා හෝ කාණ්ඩ අංක හෝ මාදිලි අංක පළුදු වීම් හෝ කැඩීයාම් හෝ මැකී යාම්  යනාදී හේතු.
f)    සේවා වගකීමක් ලැබෙන්නේ අලුත්වැඩියාවකදී අප විසින් අලුත් කල කොටස් වලට පමණක් වේ.
4.  භාණ්ඩ අලෙවියෙන් පසු කිසිදු අවස්ථාවකදී ආපසු භාර ගැනීම හෝ හුවමාරු කිරීම සිදු     නොකෙරේ.   
5.  නියමිත දිනට නොගෙවන හිඟ මුදල් සඳහා මසකට 3% ක අමතර ගාස්තුවක් හිඟ මුදල සමග ලබා ගැනීමේ අයිතිය ආයතනය සතුවේ.
6.  අලෙවියෙන් පසු සිදු කරන සියලුම කාර්යයන් සඳහා මෙම බිල්පත අනිවාර්යයෙන්ම ඉදිරිපත් කළ යුතුය.     
   
 
Continue

Powered by Abantecart eCommerce Solution